අතීත උරුමය සුරකිමු...

Sunday, March 6, 2016

පබළු වෙහෙර

පොලොන්නරුව පුරාවිද්‍යා ස්මාරක අතර ඇති සුවිශේෂී ස්තූපයක් ලෙස පබළු වෙහෙර හැදින් වීමට හැකිය.මෙය මහා පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපාවතී බිසව විසින් ඉදිකළ බව සදහන් වන අතර මෙහි පැරණි නාමය තවමත් අවිනිශ්චිතය..1909 වසරේදී එච්.සී .පී බෙල් මහතා විසින් මේ ස්තූපය සොයාගෙන ඇති අතර මේ වන විට වරින් වර කැණීම් රැසක් සිදුකර ඇත..එම කැණීම් වලින් පුරා වස්තු රැසක් හමුවී ඇත..ඒ අතර පබළු විශාල ප්‍රමාණයක් ස්තූපය ඇතුලතින් හා ඒ අවට ප්‍රදේශයෙන් සොයාගෙන ඇත...කැණීම් වලදී හමුවූ කුඩා කරඩුව මෙම ස්තූපයේ ආකෘතියක් බවට පුරාවිද්‍යාඥයන් අනුමාන කරයි.මෙම භූමිය අවටින් හා ස්තූපයෙන් විශාල වශයෙන් පබළු හමුවීම හේතුවෙන් හා ස්තූප ගර්භය පබළුවක හැඩයකින් යුක්ත වීම හේතුවෙන් මෙය පබළු වෙහෙර ලෙස වර්තමානයේ ප්‍රකට වී ඇත....ස්තූපය වටා මලුවේ ප්‍රතිමාඝර කිහිපයක් දැකිය හැකිය....කැණීම කටයුතු වලින් බෝසත් ප්‍රතිමාවක් හා බුද්ධ ප්‍රතිමා සොයාගෙන ඇත.........

No comments:

Post a Comment

තවමත් සොයා ගැනීමට නොහැකි වූ දෙවන ගජබා රජුගේ මණ්ඩලගිරි ගල් සන්නස

පොලොන්නරු රාජධානි සමයේ මහා පරාක්‍රමබාහු රජු හා දෙවන ගජබා රජතුමා අතර මැදිරිගිරියේ දී ඇති වූ ගිවිසුමක් පිළිබදව වංශ කතාවල සදහන් වේ..නමුත් එම ග...