පොලොන්නරුව ඇතුළු නුවර නැගෙනහිර සීමා ප්‍රාකාරය ටත් පැරණි ඇල මාර්ගයටත් අතර ඇති තැනිතලා භූමි භාගයේ චූලවංශය සඳහන් වන "ශිලා පොක්ඛරණි" හෙවත් කුමාර පොකුණ පිහිටා ඇත. ඇතුලු නුවර මට්ටමෙන් පහළ භූමියේ පිහිටි මෙම පොකුණට ගමන් කිරීම සඳහා පියගැට පෙළක් ද පිහිටා තිබේ.පොකුණ පිහිටි භූමිය සමහර විට මහා පරාක්‍රමබාහු රජුගේ රාජකීය උද්‍යානය වූ නන්දන උයනේ ම කොටසක් විය හැක.
වංශකතාවල සඳහන් වන ආකාරයට මෙම උයන විවිධ වූ ගස්වැල් වර්ග වලින් සමන්විතව නිර්මාණය කර තිබී ඇත. මුළුමනින්ම ගලින් ඉදි කරන ලද කුමාර පොකුණ දිග අඩි 44 ක් හා පළල අඩි 38 වන පහල සිට ඉහලට යනවිට කුඩා වන වේදිකා තුනකින් යුක්ත වේ. පහල මාලකයේ දිග අඩි 31.6 ක් හා පළල අඩි 27.3 කි. මාලිගයේ දිය අගලින් පොකුණට ජලය ලැබී ඇත. දෙපැත්තේ සවිකර ඇති මකර කට සහිත සෙල් නළ වලින් වෑස්සෙන ජලය ග්‍රීස්ම කාලවල දී පවා උයන සිසිල්ව තබා ගැනීමට සමත්වී ඇත. රජු ස්නානය කළ මෙහි ජලය සුවඳ කවා තිබූ බව සිතිය හැකි ය. පොලොන්නරුවේ පිහිටා ඇති පොකුණු අතරින් කුමාර පොකුණට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. නන්දන උයනේ වලාකුළුවලින් මෙන් ජලය වෑස්සෙන ආකාරයට මෙය තිබූ බවද සදහන් වේ. එහෙත් ඒවා මේ වන විට විනාශ වී ගොස් ඇත .
පොකුණ අසලම තිබෙන අලංකාර කුඩා ශෛලමය ගොඩනැගිල්ල රජු ඇතුළු රාජකීයයන් ස්නානය කිරීමේ දී ඇඳුම වස්ත්‍රාභරණ මාරු කිරීම සදහා භාවිතා කළ " සළු මණ්ඩපය "ලෙස සලකනු ලැබේ. එහි ප්‍රමාණය හා නිර්මාණ ලක්ෂණ හා පිහිටීම අනුව ද එය සළු මණ්ඩපය බව පැහැදිලි ය. පොකුණත් ඇළ මාර්ගයත් අතර වැසිකිළියක් ඉදි කර ඇත. එය ස්නානය සඳහා පැමිණි රාජකීයන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර තිබී ඇත.
No comments:
Post a Comment